දේශීය

20ට සහය දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ආසන ලබාදෙන්න – ලක්ෂ්මන් කිරිඇල්ල

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාට ලිපියක් යොමු කරමින් සඳහන්කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණු  

  • ඩයනා ගමගේ
  • අරවින්ද් කුමාර්
  • ෂාක් රහුමාන්
  • යිසාල් කාසිම්
  • එච්. එම්. එම්. හාරීස්
  • එම්. එස්. තව්ෆීක්
  • නසීර් අහමඩ්
  • එස්. එම්. රහීම්
  • එම්. එම්. මුෂාරෆ් යන මන්ත්‍රීවරුන් 20වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුණි.

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *