දේශීය

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 5,730දක්වා ඉහළට

ඊයේ (28) දිනයේ දී මෙරටින් නව කොවිඩ් 19 ආසාදිතයින් 335 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් ආසාදිතයින් 27දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 308දෙනා මීට පෙර හඳුනාගැණුනු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

එම ආසාදිතයින් 335දෙනත් සමඟ මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,730ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවද මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 9,205ක් වන අතර ඉන් ආසාදිතයින් 4,075දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව තවත් වෛරස ආසාදිතයින් 5,111දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *