විදේශීය

මෙල්බර්න් යළි විවෘතයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් අගනුවර මාස 4කට ආසන්න කාලයක් පණවා තිබූ දැඩි සීමා ඉවත් කරමින් වෙළඳසැල්, අවන්හල් සහ හෝටල් ඊයේ (28) ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ දෙවන කොවිඩ් 19 රැල්ලේ කේන්ද්‍රස්ථානය වූ මෙල්බන් අගනුවර කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *