තවත් පොලිස් නිලධාරීන් 21දෙනෙකුට කොරෝනා
තවත් පොලිස් නිලධාරීන් 21දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම පොලිස් නිලධාරීන් 21දෙනා බස්නාහිර පළාත තුළ පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් බව වාර්තා වේ.
ඒ අනුව බස්නාහිර පළාතෙන් මේ වන විට කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 43දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ වන විට පොලිස් නිලධාරීන් 122දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙන අතර නිලධාරීන් 771දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
