දේශීය

කොරෝනා ආසාදිතයින් 633ක්

ඊයේ (30) දිනයේ දී නව කොවිඩ් 19 ආසාදිතයින් 633දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් සමඟ මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 6,946ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරටින් සමස්ත කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 10,424දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 4,282දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

තවත් වෛරස ආසාදිතයින් 6,123දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *