වත්තල කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් 49ක්
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 49දෙනෙකු වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ ඇති පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් හඳුනාගත් බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා පවසයි.
එම පෞද්ගලික කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ කළ PCR පරීක්ෂාවකින් එම පුද්ගලයින් 49දෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
ආසාදිතයින් වාර්තා වීමත් සමඟ අදාළ කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමා ඇති බව වත්තල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
