දේශීය

තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි

මෙරට තවත් කොවිඩ් 19 වෛරස ආසාදිතයෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් රෝහණ මහතා පවසයි.

වමනය හා දියවැඩියාව රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (30) දිනයේ දී මියගොස් ඇති අතර ඇයගේ PCR පරීක්ෂණ වාර්තාව අද (31) පෙරවරුවේ ලැබුණු බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එම PCR පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඇය කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 20කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *