තවත් කොවිඩ් ආසාදිතයින් 239ක්
ගතවුණු පැය 24 තුළ දී මෙරටින් තවත් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 239දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම ආසාදිතයින් සමඟ මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 10,663 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (31) දිනයේ දී කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 117දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සමස්ත පූර්ණ සුවය ලැබූවන් සංඛ්‍යාව 4,399කි.
ඒ අනුව තවත් ආසාදිතයින් 6,244දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
