එංගලන්තය මාසයකට වැසේ
කොවිඩ් 19 දෙවන රැල්ලේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තය සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණය ස්ථීර වූ බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.
එම තීරණයට අනුව එළඹෙන බ්‍රහස්පතින්දා සිට සති 4ක කාලයක් එංගලන්තය වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව එංගලන්තයේ ජනතාව වැඩි වශයෙන් එක් රැස්වන ස්ථාන වන අවන්හල්, කායවර්ධන මධ්‍යස්ථාන සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ අලෙවිකරන සියලු වෙළෙඳසැල් වසා දැමීම සිදුකරයි.
මේ වන විට එංගලන්තයෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,011,660ක් වන අතර කොවිඩ් මරණ 46,555ක් සිදුව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
