දේශීය

පුද්ගලයින් 67,000ක් ස්වයං නිරෝධායනයට

දිවයින පුරා මේ වන විට පවුල් 25,000කට අයත් පුද්ගලයින් 67,000ක් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉන් වැඩිම පිරිසක් කොළඹ සහ ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වන බව සඳහන් වේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 8,747දෙනෙකුත් කොළඹ දිස්ත්‍රික්කයෙන් 5,500දෙනෙකුත් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *