දේශීය

කළුබෝවිල ළමා වාට්ටුවේ වෛද්‍යවරයෙකුට කොරෝනා

කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කළ වෛද්‍යවරයෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොවිඩ් ආසාදිත වෛද්‍යවරයා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහුව මේවන විට ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම වෛද්‍යවරයාගේ ආශ්‍රිතයින් සියලු දෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *