ඇමරිකානු ජනාධිපතිවරණය හෙට – කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 95
59වැනි ඇමරිකානු ජනාධිපතිවරණය හෙට (03) පැවත්වීමට නියමිතයි. මෙම ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරග වදින අතර ඔහුට ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජෝ බයින්ඩ් තරග වදී.
මැතිවරණ ප්‍රචාරණ රැලි පැවැත්වීමේ කාල සීමාව තුළ ජෝ බයින්ඩ් කොවිඩ් නීති රීති වලට අනුකූලව තම මැතිවරණ ව්‍යාපාර දියත් කළ අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් වෛරසයට අභියෝග කරමින් සමාජ දුරස්ථභාවය ගැන නොසලකාහරිමින් මැතිවරණ කටයුතු කළ බව දක්නට ලැබේ.
මේවන විට ඇමරිකානු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 95ක සීමාවට පැමිණ තිබේ. එමෙන්ම ලොව කොවිඩ් ආසාදිතයින් වැඩිම රට වන්නේ ද ඇමරිකාවයි. මැතිවරණය පැවැත්වෙන්නේ මෙවැනි පසුබිමක් තුළයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
