දේශීය

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්

ඊයේ (01) දින කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සේවකයෙක්හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඒ බව ප්‍රකාශ කරමින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින්  නිවේදනයක් නිකුත් කර ඇත.

මේවන විට වෛරසය ආසාදිත පුද්ගලයා නිරෝධායන නීති රීති යටතේ ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමුකර ඇති බව සඳහන් වේ.

මහ කොමසාරිස් කාර්යාලයේ පසුගිය කාලයේ සීමිත කාර්ය මණ්ඩලයක් යටතේ රාජකාරී කටයුතු සිදු කර ඇති අතර මෙම පුද්ගලයා මෙම ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ සේවය කළ නිළධාරීන් සමඟ අඩු සබඳතාවයකින් කටයුතු කර ඇති බව සඳහන් වේ. කෙසේවෙතත් ඔහුගේ ආශ්‍රිතයින් මේවන විට PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *