මාළු,කරවල හා උම්බලකඩ සඳහා වූ බදු ඉහළට
ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහාවන බදු ඉහළ නංවා ඇති අතර දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සඳහන් කරයි.
ඒ අනුව ඉහළ නංවා ඇති මෙම බදු ප්‍රතිශතයන් පසුගිය 27 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ආනයනික මාළු කිලෝ ග්‍රෑමයක් සඳහා අය කරන බද්ද රුපියල් 200ක් ද උම්බලකඩ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 302ක් ද ආනයනික කරවල කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 127ක බද්දක් පනවා ඇති බව ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය වැඩි දුරටත් සඳහන් කරයි.
මෙරට මේ දිනවල ඉහළ මාළු අස්වැන්නක් ලැබෙන බවත් කරවල හා උම්බලකඩ නිෂ්පාදනය ද ඉහළ යමින් ඇති බවත් ඇය ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
