මෙරට කොවිඩ් තත්ත්වය
ගතවුණු පැය 24 තුළ මෙරටින් නව කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 397දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම ආසාදිතයින් 397දෙනත් සමඟ දෙවන කොවිඩ් රැල්ලේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,582ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඊයේ (01) මෙරටින් 21වන කොවිඩ් මරණ වාර්තා විය.
මිය ගිය කොවිඩ් ආසාදිතයා වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මේ වන විට මෙරටින් සමස්තයක් ලෙස කොවිඩ් ආසාදිතයින් 11,060දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 4,905දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 6,134දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
