RR පැරදූ KKR ප්රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට – IPL
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (02) පැවැති 54වන තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා ලකුණු 60කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරාගත් අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 191ක් රැස් තළේය.
ලකුණු 192ක අපහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 131ක් පමණි.
එම තරගය ජය ගැනීමත් සමඟ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පත්විය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
