තවත් පොලිස් නිලධාරීන් 8දෙනෙකුට කොරෝනා
බොරැල්ල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන තවත් පොලිස් නිලධාරීන් 08දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම ආසාදිතයින් 8දෙනා සමඟ බොරැල්ල පොලිස් ස්ථානයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 14දෙනෙකු හඳුනාගෙන ඇති බව එම පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට මෙරට පොලිස් නිලධාරීන් 130කට වැඩි සංඛ්‍යාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
