දේශීය

ත්‍රිකුණාමලය මහ රෝහලෙන් කොවිඩ් ආසාදිත වෛද්‍යවරයෙක් හඳුනාගනී

ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකු නව කොවිඩ් 19 වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

වෛරස ආසාදිත වෛද්‍යවරයා කොටහේන ප්‍රදේශයේ සිය නිවසේ සිටිය දී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් PCR පරීක්ෂණයක් සිදුකර ඇත.

එම PCR පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් 19 වෙරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ වන විට අදාළ වෛද්‍යවරයා සහ ඔහු සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *