දේශීය

තවත් ආසාදිතයින් 275ක් හඳුනාගනී

ගතවුණු පැය 24 තුළ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 275දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එම ආසාදිතයින් 275දෙනා අතරින් 230දෙනෙක් මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර තවත් 43දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,335ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 7,857දෙනෙකු මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ය.

ඊයේ (02) දිනය වන විට මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,249ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 6,065දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *