දේශීය

පළමුවරට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ – කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන්

ඊයේ (02) කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරසය ආසාදිතයෙකු වාර්තා වු බව කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසයි.

කොළඹ ප්‍රදේශයේ හෝටලයක සේවය කර පසුගිය 28 වැනිදා තම නිවස වෙත පැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි පුද්ගලයෙකුගේ සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වී තිබේ.

යාපනය මරදනාමඩම පිහිටි කොව්ඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොවිඩ් වෛරස අසාදිත පුද්ගලයා ප්‍රතිකාර සඳහා යොමුකොට ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වැඩි දුරටත් සඳහන් කරයි.

මෙරට දිස්ත්‍රික්ක 25න් 24කම කොවිඩ් රෝගීන් වාර්තා වුවද කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනවන තෙක් කිසිදු රෝගියෙකු වාර්තා නොවූ අතර මෙම කොවිඩ් ආසාදිතයා හමුවීමත් සමඟ මෙරට දිස්ත්‍රික්ක 25තුළින්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *