පාසැල් අධ්‍යාපනයට අලුත් වැඩ පිළිවෙලක්
කොවිඩ් වෛරස තත්වය හේතුවෙන් නියමිත පරිිදි පාසල් පද්ධතිය තුළ අධ්‍යාපන කටයුතු සිදු කිරීම ප්‍රායෝගික නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සඳහන් කර ඇත.
3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන්හට විශය නිර්දේශයට අනුකූල සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුන ඔස්සේ රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් යොජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද අමාත්‍යවරයාහට හිමිවී තිබේ.
ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනි නාලිකා හා ගුවන් විදුලි නාලිකාවල සහයෝගය ඇතිව පාසැල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සැළැසුම් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
