මහල් තුනක ගොඩනැගිල්ලකින් වැටී ගුවන් හමුදා සෙබලෙකු මියයයි
ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් වැටී එහි සේවය කළ සෙබලෙකු මියගොස් තිබේ.
ඊයේ (02) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කරයි.
එම අනතුර සිදුවුයේ කෙසේද යන්න මෙතෙක් කරුණු අනාවරණය වි නොමැති බව දුෂාන් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් චීන වරාය පොලීසිය සහ ගුවන් හමුදාව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
