මෙරට 23වන කොවිඩ් මරණයත් වාර්තා වේ.
ඊයේ (02) ) සිය නිවසේදී කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිත අයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
මෙම කාන්තාව උණ, කැස්ස, උගුරේ ආසාදනය ආදී රෝගී තත්ත්වයන්ගෙන් පෙලී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී වාර්තා වී ඇති අතර මරණයට ආසන්තම හේතුව ලෙස පෙනහළු ආසාදනය හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.
ඒ අනුව මෙරට තුළ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
