වියානා ත්‍රස්ත ප්‍රහාරයෙන් දෙදෙනෙකු මරුට
ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට අයුධ සන්නද්ධ ත්‍රස්ත සාමාජිකයින් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
වියානා අගනුවර ස්ථාන 6කට එම ත්‍රස්ත ප්‍රහාරය එල්ලකර ඇති අතර ඉන් ත්‍රස්ත සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සොයා එරට පොලිසිය විසින් මෙහෙයුම් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
