දේශීය

18වන ගුවන් හමුදාපති සිය ධුරයේ වැඩ භාරගනි

අද (03) උදෑසන නව ගුවන් හමුදාපති ලෙස ඒයාර් මාර්ශල් සුදර්ශන පතිරණ මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කරනු ලැබීය.

18වන ගුවන් හමුදාපතිවරයාවන එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතා මෙරට ගුවන් හමුදා ඉතිහාසයේ විශේෂ දක්ෂතා දැක්වූ නිළධාරියෙකු වේ.

පළමු මිග්-27 යානාව මෙරටට රැගෙන ආ නිලධාරියා ද වන්නේ මොහුයි.

එසේම විවිධ වර්ගයෙන් යුත් ගුවන් යානාවල නියමුවකු ලෙසත් අණදෙන නිලධාරියෙකු ලෙසත් කටයුතු කළ මොහු ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් බලඝන සියල්ලේම දක්ෂ නියමුවෙකු වූ අතර මෙහෙයුම් අධ්‍යක්ෂ ඇතුළු තනතුරු රැසක් හොබවමින් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *