අද කාළගුණය
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේත්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මි.මි.50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
දිවයින තුළ ක්‍රමයෙන් දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්වය ස්ථාපිත වෙමින් පවතින අතර ඉදිරි කාලයේ දී සවස හෝ රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
