ධීවර සංස්ථාව විසින් මාළු මිල දී ගනී
ධීවර සංස්ථාව විසින් ධීවර වරායන්වල ගොඩ ගැසී ඇති මාළු මිලදී ගැනීමට කටයුතු කර ඇත.
එහි දී මාළු කිලෝ 80,000 කට අධීක ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බවත් එම මාළු පෞද්ගලික අංශයේ ශීතකරණ පහසුකම් යොදා ගබඩා කරන බවත් ධීවර සංස්ථා සභාපති මේජර් ලලිත් දවුලගල මහතා විසින් සඳහන් කර ඇත.
බලයා 1kgක් රුපියල් 200ක්
ලින්නා 1kg ක් රුපියල් 150ක්
කෙලවල්ලා 1kg ක් රුපියල් 350ක්
තලපත් 1kg ක් රුපියල් 550ක්
කොප්පරා 1kg ක් රුපියල් 600ක්
යන මිල ගණන් යටතේ ධීවර සංස්ථාව විසින් මාළු මිලදී ගෙන ඇති බවත් එම මාළු සුරක්ෂිතව ඇසුරුම් කර ඉදිරියේ දී අලෙවි කරන බවත් ධීවර සංස්ථා සභාපති මේජර් ලලිත් දවුලගල මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
