මොනරාගල බන්ධනාගාරයේ සිරකරුවෙකු මියයයි.
මොනරාගල බන්ධනාගාරයේ නිලධාරීන් පහරදීමෙන් රිමාන්ඩ් භාරයේ සිටි සිරකරුවෙකු මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම පරීක්ෂණය බදුල්ල බන්ධනාගාර අධිකාරී වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සදහන් කරයි.
මෙම මරණය සිදුව ඇත්තේ සිරකරු විසින් බන්ධනාගාර නිලධාරීයෙකුට පහරදීමෙන් අනතුරුව තවත් බන්ධනාගර නිලධාරීන් කිහිපදෙනෙකු අදාළ රැඳවියාට පහරදීමෙන් බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතකර සිටි 40 හැවිරිදි අම්පාරේ පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
