ආර්ථික මධ්‍යස්ථාන තුනක් අද විවෘතයි
නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද ( 04 ) සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කරයි.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතු අද පෙරවරු 06 සිට පස්වරු 06 දක්වා ක්‍රියාත්මකවන අතර වැලිසර ආර්ථික මධ්‍යස්ථානය 09 වන සඳුදා විවෘත කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප‍්‍රකාශ කරයි.
අදාළ ආර්ථික මධ්‍යස්ථාන මේ වනවිට විශබීජහරණය කර ඇති බවත් ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව සිදු කිරීමට වග බලාගන්නා ලෙස සියලු වෙළඳුන්ට සහ සේවකයින්ට දැනුම් දී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
