දේශීය

කොරෝනා පරදන්න පුළුවන්, අපෙන් වැඩගන්න – ර.ආ.වෛ.නි.ස.

කොරෝනා වෛරසය එරෙහිව සමාජය සහ ජනතාව මුදවා ගැනීමට තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඉල්ලා සිටී.

මාධ්‍ය හමුවක් කැදවමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය විමුක්ති ද සොයිසා මහතා පවසන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා තමන් සතුව සාර්ථක වැඩ පිළිවෙලක් ඇති බවත් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර මෙම ව්‍යසනයෙන් රටත් ජනතාවත් ගලවා ගැනීමට තමන්ගේ දායකත්වය ලබා ගැනීමට රජය ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.

තමන් රජයෙන් පඩි ලබන මාන්ඩලික ශ්‍රේණියේ, විද්‍යාත්මකව ඉගෙන ගත් ආයුර්වේද වෛද්‍ය නිළධාරීන් බැවින් මෙම ව්‍යසනයට එන්නතක් සොයා ගන්නා තෙක් අතරමං නොවී තමන්ගේද උපරිම දායකත්වය ලබා ගනිමින් සාර්ථක ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නම් මෙම ව්‍යසනය පරාජය කිරීම එතරම් අසීරු නොවන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *