ප්‍රංශයේ නොට්‍රා ඩාම් ප්‍රහාරකයා කොවිඩ් ආසාදිතයෙක් බව වාර්තා වේ
ප්‍රංශයේ නීස් නගරයේ නොට්‍රා ඩාම් දේවස්ථානයේ දී පුද්ගලයින් පිරිසකට තියුණු ආයුධයකින් පහරදී තිදෙනෙක් ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොවිඩ් වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
මෙම පුද්ගලයා ප්‍රහාරය එල්ල කර පැනයෑමට උත්සහගත් අවස්ථාවේ දී එරට ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර එහිදී සිදු කළ පරීක්ෂාවකදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී ඇති බව සඳහන් වේ.
ඒ අනුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ කටයුතු ප්‍රමාද කිරීමට පියවර ගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
