සනත් ජයසූරියගේ සම්බාධක කාලය අවසන්
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන සනත් ජයසූරියට පනවා තිබූ සම්බාධක කාලය අවසන් කර තිබේ.
සනත් ජයසූරියට ICCය විසින් මේ සම්බන්ධයෙන් දන්වා ඇති අතර ඔහු නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි.
ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කටයුතු සඳහා යළිත් වරක් සහභාගී වීමේ අවස්ථාව සනත් ජයසූරියට උදා වෙයි.
සනත් ජයසූරිය මෙරටින් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ඔහු එක්දින ජාත්‍යන්තර තරග 445කදී ශතක 28ක් සහ අර්ධ ශතක 68ක් ද සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 13,430කි.
මීට අමතරව සනත් ජයසූරිය ටෙස්ට් තරග 110කදී ලකුණු 6973ක් රැස්කරගෙන ඇති අතර එහිදී ශතක 14ක් සහ අර්ධ ශතක 31ක් ලබාගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
