දේශීය

DATA දෙන බව පවසා වංචනිකයින් ගිණුම් වලට ඇතුල් වීමේ අවධානමක් ඇත – ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික සංගමය

නොමිලේ DATA ලබා දෙන බවට පවසන වංචනික පනිවිඩ වට්සැප් ඇතුළු වෙනත් සමාජ මාධ්‍ය යෙදුම් හරහා මේ දිනවල සංසරණය වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික සංගමය පවසයි.

මෙම පණිවිඩ සමග පැමිණෙන යොමු (link) ක්ලික් කොට එය තවත් සමාජ මාධ්‍ය පරිශීලකයන් 20 කට හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දක්වා හුවමාරු කර ඔබගේ පෞද්ගලික විස්තර ආදිය ලබා දී රජය විසින් ප්‍රදානය කරනු ලබන දත්ත (DATA) ලබා ගත හැකි බව එම පනිවුඩයේ සදහන් වන බව එම සංගමය පවසයි.

මෙම පනිවුඩය මේ දිනවල ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන් ද තම සිසුන් වෙත කිසිදු සොයා බැලීමකින් තොරව යොමු කර  ඇති නිසා බොහෝ විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම පාසැල් සිසුන් ද මෙම මෙම වංචනිකයන්ට හසුව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික සංගමයට ලද පැමිණිලි අනුව නිරීක්ෂණය වන බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි.

මෙවැනි ව්‍යාජ පනිවුඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකථනයට ස්ථාපයන කිරීමට කටයුතු කිරීම මෙන්ම ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමට හැකි බවද තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි. එම නිසා කිසිදු අවස්ථාවක මෙවැනි සැක කටයුතු පනිවුඩ සමග ලැබෙන යොමු (link) ක්ලික් කිරීමට යාමෙන් වලකින ලෙස එම සංගමය ජනතාවට දන්වා සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *