Latestදේශීය

PCR පරීක්ෂණ ප්‍රමාණවත් නැහැ – ලැබෙන ප්‍රතිඵලත් ප්‍රමාදයි – GMOA

කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වී මසක් ගතවන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාල ආසාදිතයින් සංඛ්‍යාව 8000 ඉක්මවා ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය චරිත අලුත්ගේ මහතා පවසන්නේ මෙම තත්ත්වය කිසිසේත්ම සරලව බැහැර කළ නොහැකි බවයි.  

කිලිනොචිචි දිස්ත්‍රික්කයෙන් හදුනාගත් කොවිඩ් ආසාදිතයා ද සමගින් දිස්ත්‍රික්ක 25 පුරාම කොවිඩ් ආසාදිතයින් ව්‍යාප්තවී ඇති බවත්  මෙම තත්ත්වය හමුවේ කොවිඩ් ව්‍යසනයෙන් මිදීම සදහා ඉක්මනින් සමස්ත වැඩපිළිවෙලකට යා යුතු බවත් එම සංගමය පවසනවා.

කොරෝනා පළමු රැල්ල හමුවේ මාස 9ටම හදුනාගත්තේ ආසාදිතයින් 3500 ක් බවත් ගතවූ මාසයක කාලය තුළ ආසාදිතයින් 8000 ක් සමාජය තුළින් හමුවී තිබීම ඉතා බැරෑරුම් තත්ත්වයක් බවත් අලුත්ගේ මහතා පවසනවා.

දැනට සිදුකරමින් පවතින PCR පරීක්ෂණ ධාරිතාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පවසන හරිත අලුත්ගේ මහතා ලබාගත් PCR පරීක්ෂණයන් හී ප්‍රතිඵල ලැබීමට දින 4ක් 5ක් පමණ ගතවීම තුළින් වෛරසය සමාජගතවීමේ වේගය වැඩිවන බව පවසනවා.

කොරෝනා වෛරසයට ප්‍රතිචාර හරියට දක්වන්න නම් ප්‍රතිඵල ඉක්මනින් ලැබිය යුතු බව පවසන අලුත්ගේ මහතා ප්‍රමාද වී ලැබෙන PCR ප්‍රතිඵල වලින් සමාජයට වන හානිය ඉතා ඉහල බව වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *