දේශීය

කොවිඩ් හමුවේ දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් තීරණ ගැනීමේ බලය හිමි වේ

දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබාදී තිබේ.

දිස්ත්‍රික්කවල ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛණ්ඩව  පවත්වාගෙනයාම සඳහා තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරාදීමට අවශ්‍ය පියවරගෙන ඇත.

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන්කිරීම හේතුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ  මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයගෙන ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් කොවිඩ් වසංගතය හමුවේ සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක වුවද මුළු දිවයිනටම ඇඳිරිනීතිය පැනවීමකින් තොරව ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් ආර්ථික ඉලක්ක සපුරාගැනීමට අවශ්‍ය තීන්දු තීරණ නිසිපරිදි ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *