ගෝලීය නවතම තතු – COVID – 19
මේ වන විට ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 47,846,126ක් වේ. ඉන් ආසාදිතයින් 34,353,326ක් සුවය ලබා ඇති අතර මේ වන විට ගෝලීය සමස්ත මරණ 1,220,242ක් වාර්තා වේ.
මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 11,744ක් වන අතර 5,581ක් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.
මේ වන විටත් ආසාදිතයින් 6,140ක් වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර ඊයේ දින වාර්තා වූ මරණ දෙකත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් වෛරසය ආසාදිත ගෝලීය රටවල් ලැයිස්තුව අතුරින් 109වන තැන සිටි ශ්‍රී ලංකාව මේවන විට 108වන තැනට පැමිණ ඇත. වෛරසය සමාජ ගතවී නැති බව පැවසීමට රජයේ පාර්ෂව සහ සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කළ ද වෛරස ව්‍යාප්තියේ සීඝ්‍රතාවය මින් පැහැදිළි වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
