දිවයිනේ දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වෙමින් පවතී
දිවයින තුළ ක්‍රමයෙන් දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, වවුනියා සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ මි.මී.50 ට වැඩි තරමක තද වැසි ඇති ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන් වේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවත් දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන බවත් එහි සුළගේ වේගය පැ.කි.මී. 10ත් 20ත් පමණ විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
