දේශීය

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරේ 2160ක් පූර්ණ සුවය ලබයි

මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත කොවිඩ් පොකුරට අයත් කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවූ පිරිසක් පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව ඊයේ (03) දිනය වන විට එම පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින් 2,160 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රීත කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 8,266ක් දක්ව‍ා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *