දේශීය

සමස්ත කොවිඩ් ආසාදිතයින් 12,187ක් දක්වා ඉහළට

මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 12,187ක් වේ.

නව කොවිඩ් ආසාදිතයින් 443ක් ඊයේ දින හඳුනා ගැනීමත් සමඟ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,709ක් දක්වා ඉහළ යන ලදි.

ආසාදිතයින් 6,305ක් මේ වන විට රෝහල් තුළ ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 277ක් ඊයේ සුවය ලබා රෝහල් තුළින් පිට වීමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 5,858ක් වේ.

ඊයේ වාර්තා වූ 79 හැවිරිදි කාන්තාවගේ මරණයත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 24ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *