ඇදිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයන් 200ක් අත්අඩංගුවට
නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 200 දෙනෙකු සහ වාහන 18 ක් ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව නිරෝධායන ඇදිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2,393ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 356ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
