විදේශීය

ඇමරිකාවේ කොවිඩ් මරණ 239,829ක් දක්වා ඉහළට

ඇමරිකාවේ දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (04) වාර්තා වී තිබෙන අතර එම ආසාදිතයින් සංඛ්‍යාව 108,389ක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඇමරිකාවේ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 9,801,355ක් දක්වා  ඉහළ ගොස් තිබේ.

ඇමරිකාවෙන් ඊයේ දිනය තුළ නව කොවිඩ් මරණ 1,201ක් වාර්තා වී ඇති අතර එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 239,829 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *