කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් 11ක් හමුවේ
කොළඹ වරායේ සේවකයන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර මීට දිනකට පෙර වරාය සේවකයින් සඳහා සිදුකළ PCR පරීක්ෂණයකින් එම සේවකයන් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වරාය බලධාරීන් පවසයි.
මේ අතර කොලොන්නාව නගර සභාවේ සේවකයන් තිදෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන අතර කොලොන්නාව නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86කි.
ඊයේ ( 04 ) කොරෝනා වෛරස ආසාදිතයින් 33ක් ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශ කිහිපයකින් ද වාර්තා වේ.
ඉන් 06 දෙනෙකු රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්ත නිලධාරීන් වන අතර මොවුන් සියළු දෙනාම පෑලියගොඩ ආශ්‍රිතයන් ලෙස සළකයි.
මේ අතර, කල්පිටිය මූලික රෝහලේ උපස්ථායකයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වන අතර ඔහු පෑලියගොඩ ආශ්‍රිතයෙක් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ හේතුවෙන් එම රෝහලේ හෙදියක් හා තවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ව නිරෝධායනයට යොමුකර ඇත.
රෝහලේ කටයුතු සමාන්‍ය පරිදි සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සඳහන් කරයි.