දේශීය

සති දෙකක් තුළ කොවිඩ් මරණ 11ක් – වෛද්‍ය හරිත අලුත්ගේ

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හා වාර්තාවන මරණ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අනතුරු ඇඟවීමක් කර ඇත.

මෙරටින් දින 14ක් වැනි කෙටි කාලයකදි කොවිඩ් මරණ 11ක් වාර්තා වීම තත්වයේ බරපතලකම පැහැදිළි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් දක්වයි.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට වාර්තා වන ආසාදිතයින් වැඩි පිරිසක් වයස්ගත හා නිවසේ සිටින පිරිස වීමත් ප්‍රථමයෙන් කරන PCR පරීක්ෂණ තුළින් ආසාදිතයෙකු නොවන ලෙස සඳහන් වන රෝගීන් ඉන් පසුව කරන ලද PCR පරීක්ෂණ තුළින් ආසාදිතයෙකු ලෙස සඳහන් වීම මේ මොහොතේ සුලබව දකින්නට ඇති බවයි.

ඒසේම පළමු මාස 09 තුළ මරණ 13ක් වාර්තා වී ඇති අතර පසුගිය සති දෙකක් තුළ මරණ 11ක් වාර්තා වීමද තත්වයේ බරපතලකම පැහැදිළි විවිධ හේතූන් නිසා මරණයට පත්වන අයගේ ද මෘත දේහය මරණ පරීක්ෂණයට යොමු කළ පසු ඔවුන් වෛරසය ආසාදිතයෙක් වීම ද වීශේෂත්වයකි.

නැවත නැවත PCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවය ද මේ මොහොතේ ඇති බව ඔහු විසිනි සඳහන් කරන ලදි.

කෙසේ වෙතත් “වෛරසය අප නිවසටම ඇවිත් අවදානම් කණ්ඩායම් රැකබලා ගැනීමට ජනතාවට ලොකු වගකීමක් ඇත” යනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් දක්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *