සහල් සඳහා උපරිම මිල ගණන් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
සහල් වර්ග කිහිපයක් නිෂ්පාදකයින් හා සහල් මෝල් හිමියන් විසින් අලෙවි කළයුතු උපරිම මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව රතු හා සුදු කැකුළු සම්බා මෙන්ම රතු හා සුදු සම්බා කිලෝග්රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 94 ලෙස නියම කොට ඇති අතර රතු හා සුදු නාඩු කිලෝග්රෑමයක් රුපියල් 92ක මිලකටත්, රතු සහ සුදු කැකුළු සහල් කිලෝග්රෑමයක් රුපියල් 89ක මිලකටත් අලෙවි කළයුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
පහත දක්වා තිබෙන සහල් වර්ග එහි සඳහන් කර තිබෙන උපරිම මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හා වෙළඳාම් කිරීම සඳහා ප්රදර්ශනය නොකළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය එම ගැසට් නිවේදනයෙන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
