දේශීය

උසස් පෙළ විභාගය අදින් අවසන් වේ

අද ( 06 ) අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වේ.

පසුගිය ඔක්තෝබර් මස 12වන දා සිට විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ විභාගය පැවැත්වුණු අතර මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

මෙවර උසස් පෙළ විභාගය කොවිඩ් – 19 ප්‍රතිකාර මධ්‍යස්ථායක් වු IDH රෝහලේ සහ නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක ද පැවැත්වීමට සිදුවු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

කොවිඩ් -19 වෛරස අවදානම හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *