කෑගල්ල ,කුරුණෑගල, කළුතරට PCR යන්ත්‍ර
තවත් රෝහල් 2 කට සහ සෞඛ්‍ය ආයතනයකට අළුතින් පී සී ආර් යන්ත‍්‍ර ලබාදීමට තීරණය කර ඇති අතර කෑගල්ල සහ කුරුණෑගල රෝහල්වලට හා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට එලෙස පී සී ආර් යන්ත‍්‍ර ලබා දී තිබේ.
පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී ද පී සී ආර් පරීක්‍ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබෙන අතර කොළඹ ජාතික රෝහලේ පී සී ආර් පරීක්‍ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය රසායනාගාරයක් අළුතින් ඉදිකිරීමට ද කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
පොළොන්නරුව රෝහලටද තවත් පී සී ආර් රසායනාගාරයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
