පාලන මිළ ඉක්මවා සහල් අලෙවි කරලා – 100කට නඩු
සහල් වර්ග කිහිපයක් අලෙවි කළ යුතු මිළ ගණන් අති විශේෂ ගැසට් පත්රයක් මගින් නිවේදනය කර තිබියදී එම මිළ ඉක්මවා සහල් අලෙවි කළ වෙළදුන් 100කට එරෙහිව නඩු පවරන ලද බව පාරිභෝගි සේවා අධිකාරිය පවසනවා.
ඉදිරියටත් නීරෝධායන ඇදිරි නීතිය ක්රියාත්මක ප්රදේශවල ද වැටලීම් සිදුකිරීමට නියමිත බව පවසන අධිකාරිය තරාතිරම නොබලා සියලුදෙනාට එරෙහිව ක්රියාමාර්ග ගන්නා බව පවසනවා.
ගැසට් නිවේදනයට අනුව සහල් මෝල් හිමියන් විසින් අලෙවි කළ යුතු තොග මිළ ගණන් වන්නේ රතු සම්බා, සුදු සම්බා මෙන්ම රතු සහ සුදු කැකුළු සම්බා කිලෝ එකක උපරිම විකුණුම් මිළ රුපියල් 94කි. රතු සහ සුදු නාඩු කිලෝ එකක් රුපියල් 92කටත් රතු සුදු කැකුළු සහල් කිලෝ එකක් රුපියල් 89 කටත් අලෙවි කළ යුතුයි.
එමෙන්ම සහල් කිලෝ එකක සිල්ලර මිළ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්රය එලෙසම ක්රියාත්මකයි. ඒ අනුව නාඩු කිලෝ එකක් උපරිම රුපියල් 96කටත්, සම්බා කිලෝ එකක් රුපියල් 98කටත්, රතු කැකුළු සහ සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 93කටත් අලෙවි කළ යුතුයි.