දේශීය

මාතලෙන් කොවිඩ් ආසාදිතයින් 31ක් හඳුනා ගනී

මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හමුවූ සියළුම කොවිඩ් ආසාදිතයින් මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් බව එහි දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා පවසයි.

මේ දක්වා පවුල් 339ක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

ඊයේ (05) කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 383 හඳුනාගැනීමත් සමග මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 9,096කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *