රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරයකුට කොවිඩ් – නමුත් රෝහල් සේවාවන් අඩාල වී නැහැ
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව එම රෝහලේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33 දක්වා ඉහල ගියා.
මව්වරුන් 12 ක් ළමුන් 20 සහ එක් වෛද්‍යවරයකු මෙලෙස ආසාදනයට ලක්ව ඇති අතර ඔවුන් සියලුදෙනාම නිරෝධානය කිරීමට පියවර ගෙන තිබෙනවා.
තවද මෙම කොවිඩ් ආසාදිත වෛද්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස කටයුතු කළ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු ද නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ – වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ රෝහල් සත්කාර සේවාවන් කිසිම ලෙසකින් අඩාල වී නොමැති බවත් එබැවින් රෝහලෙන් සේවාව ලබා ගැනීමට පැමිණීමට කිසි ලෙසකින් හෝ බිය විය යුතු නැති බවත්ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
