ඉතාලියේ ලොම්බාර්ඩි ඇතුළු ප්‍රදේශ කිහිපයක් වසා දැමේ
ඉතාලියේ යළිත් වරක් සීඝ්රයෙන් කොවිඩ් වෛරසය පැතිරයාම හේතුවෙන් එහි ප්‍රදේශ කිහිපයක් අද (06) සිට යළි වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇත.
මේ වන විට ඉතාලි රජය විසින් රාත්‍රී 10 සිට උදෑසන 5 දක්වා රටපුරා ඇඳිරිනීතිය පනවා ඇති අතර භෝජනාගාර සවස 6ට වැසිය යුතුය.
එම නගරවල ජනතාවට නිවසින් පිටතට යා හැක්කේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ රැකියාව සඳහා පමණක් බවත් ලොම්බාර්ඩි, පයිද්මොන්ට්, වොලේ ද’ඔස්ටා සහ කලබ්රියා යන ප්‍රදේශ දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශවල පුද්ගලයින්ට දැඩි සංචරණ සීමා පනවා තිබේ.
ඉතාලියෙන් කොරෝනා ආසාදිතයින් 35,505 දෙනෙකු ඊයේ ( 05 ) හඳුනාගත් අතර වාර්තා වූ මරණ ගණන 445කි.
ඒ අනුව කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු ඉතාලියෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් ගණන 824,879ක් වන අතර මරණ 40,192ක් වාර්තා වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
